වික්ටෝරියාවේ සාකච්ඡා කරන ලද ගිවිසුම සහ Statewide Treaty Bill 2025 (2025 ප්‍රාන්ත ව්‍යාප්ත ගිවිසුම් පනත් කෙටුම්පත) (Victoria’s negotiated Treaty & Statewide Treaty Bill 2025 - Sinhalese)

වික්ටෝරියාව (ප්‍රාන්ත රජය) සහ වික්ටෝරියාවේ මුල් ජනතාවගේ මහජන සභාව විසින් ප්‍රාන්ත ව්‍යාප්ත ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇත. 2025 ප්‍රාන්ත ව්‍යාප්ත ගිවිසුම් පනත් කෙටුම්පත මගින් මෙම ගිවිසුමට වික්ටෝරියාව තුළ නීතිමය බලයක් ලබා දෙනු ඇත.

මෙම ගිවිසුම වික්ටෝරියානු රජය සහ ආදිවාසී ප්‍රජාවන් අතර සිදුවන විධිමත් ගිවිසුමකි. එය පහත දැක්වෙන අවස්ථාවලට ඉඩ සළසනු ඇත:

  • ආදිවාසී ඉතිහාසය සහ සංස්කෘතිය හඳුනා ගැනීම සහ එයට ගරු කිරීම.
  • ඔවුන්ට බලපාන තීරණ වලදී ආදිවාසී ජනතාවට වැඩි අදහස් පළ කිරීමේ හැකියාවක් ලබා දීම.
  • වික්ටෝරියාවේ සෑම කෙනෙකුටම සාධාරණ අනාගතයක් නිර්මාණය කිරීම.

ගිවිසුම කරා යන ගමන

බොහෝ කාලයක් තිස්සේ, මුල් ජනතාව ඔවුන් පිළිබඳ නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සම්බන්ධ වීම සිදු වී නොමැත.

විධිමත් සත්‍යය පවසන පරීක්ෂණයක් වන Yoorrook Justice Commission (යූරූක් යුක්තිය කොමිසම), අසාධාරණය පිළිබඳ කථා එකතු කර වික්ටෝරියාවේ මුල් ජනතාවගේ අත්දැකීම් තේරුම් ගැනීමට ජනතාවට උපකාර කළේය.

ගිවිසුම සැබෑ වෙනසක් ඇති කිරීමේ මාර්ගයකි - එවිට මුල් ජනතාවට ඔවුන්ගේ ප්‍රජාවන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් වැඩි වශයෙන් අදහස් දැක්වීමට හැකි වේ.

වික්ටෝරියාව තුළ, අපි දශකයකට ආසන්න කාලයක් ගිවිසුම සඳහා කටයුතු කරමින් සිටින්නෙමු. අපි ශක්තිමත් පදනමක් දමා ඇත්තෙමු.

සියලුම වික්ටෝරියානුවන්ට සමාන අවස්ථා ඇති බව සහතික කිරීම සඳහා ගිවිසුම ඉඩ සලසනු ලැබේ.

ප්‍රතිපත්ති සහ විසඳුම් සැලසුම් කිරීමට මුල් ජනතාව මග පෙන්වන විට, අපට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත.

Gellung Warl (ගෙලුං වෝර්ල්) යනු කුමක්ද?

2025 ප්‍රාන්ත ව්‍යාප්ත ගිවිසුම් පනත් කෙටුම්පත මගින් ගෙලුං වෝර්ල් (ගුලුං-වෝර්ල්, ගුණයිකුර්නායි භාෂාවෙන්) නැමති නව ආයතනයක් ස්ථාපිත කෙරෙනු ඇත. ගෙලුං වෝර්ල්:

  • තොරා පත්කරන ලද මුල් ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත වනු ඇත.
  • මුල් ජනතාවගේ ප්‍රජාවන්ට බලපාන රජයේ තීරණ ගැන මග පෙන්වීමට උදව් කරනු ඇත
  • සත්‍යය පැවසීම, සුව කිරීම සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය සිදු කරනු ඇත
  • ස්වාධීනව කටයුතු කරන නමුත් නීති වෙනස් කිරීමට හෝ රජයේ තීරණ අවහිර කිරීමට එයට බලයක් නැත.

ගෙලුං වෝර්ල්, වික්ටෝරියාවේ සාර්ථක මුල් ජනතාවගේ මහජන සභාවෙන් පරිණාමය වූ අතර එය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ:

  • ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ මුල් ජනතාවගෙන් සමන්විත වික්ටෝරියාවේ මුල් ජනතාවගේ මහජන සභාව. ඔවුන් මුල් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ වික්ටෝරියානු රජයට උපදෙස් දෙනු ඇති අතර මුල් ජනතාවට බලපාන ගැටලු පිළිබඳව තීරණ ගැනීම සිදු කරනු ඇත.
  • Nginma Ngainga Wara (න්ගින්මා න්ගයින්ගා වාරා, එනම් එන්-ඉන්-මා න්-අයි-න්ගා වෝ-රා, වාඩි වාඩි වචනයක්), යනු "පරතරය වසා දැමීම" ගිවිසුම යටතේ ප්‍රාන්ත රජය සිය කැපවීම් පවත්වා ගන්නේ කෙසේද යන්න අධීක්ෂණය කරන නව කොටසකි (ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සඳහා ජීවන ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා වන ජාතික කැපවීමකි).
  • නියර්නා යූරූක් ටෙල්කුනා (නියර්න්-අහ් යූ-රුක් ටර්ල්-කුන්-අහ්, වම්බා වෙම්බා වචනයක්), යනු සත්‍යය පවසන කොටසක් වන අතර එමගින් ඉතිහාසය, අධ්‍යාපනය, සුව කිරීම සහ සංහිඳියාව මෙමගින් අවධානය යොමු කරයි.

Gellung Warl (ගෙලුං වෝර්ල්) රජයෙන් ස්වාධීනව නමුත් පාර්ලිමේන්තුවේ නීති තුළ ක්‍රියාත්මක වනු ඇත.

එයට නිෂේධ බලයක් නොමැත - එයට නීති හෝ ප්‍රතිපත්ති අවහිර කළ නොහැක.

එය අනෙකුත් ස්වාධීන ආයතන මෙන් අධීක්ෂණය කරනු ලැබේ (උදා: විගණන ආයතන, ඔම්බුඩ්ස්මන්).

ගෙලුං වෝර්ල්ට කළ හැක්කේ කුමක්ද?

එයට මුල් ජනතාවට සෘජුවම බලපාන ගැටලු පිළිබඳ නීති සහ මාර්ගෝපදේශ සෑදිය හැකිය. උදාහරණ අතරට ඇතුළත් වන්නේ:

  • ආදිවාසී බව තහවුරු කිරීම සඳහා “ප්‍රජා පිළිගැනීම” අර්ථ දක්වා ඇති ආකාරය පිළිබඳ නීති
  • යම් යම් උරුම කවුන්සිලවලට මුල් ජනතාවගේ නියෝජිතයන් පත් කිරීම
  • මුල් ජනතාව අතර දැනට පවතින ජල අයිතිවාසිකම් බෙදා ගැනීම හෝ හුවමාරු කිරීම සඳහා වන මාර්ගෝපදේශ
  • කර්මාන්ත සහ අංශවල සංස්කෘතික ආරක්ෂාව පිළිබඳ මාර්ගෝපදේශ
  • Gellung Warl (ගෙලුන්ග් වෝර්ල්) ක්‍රියාත්මක වන ආකාරය සඳහා වන අභ්‍යන්තර නීති.

මෙම මාර්ගෝපදේශ අනිවාර්ය නොවන අතර දැනට පවතින ප්‍රාන්ත රාජ්‍ය හෝ ෆෙඩරල් නීති සමග ගැටිය යුතු නොවේ.

ගෙලුන්ග් වෝර්ල් ගිවිසුම් ප්‍රතිසංස්කරණ ලබා දීමට උපකාරී වනු ඇත, එනම්:

  • පාසල්වල යූරූක් යුක්තිය කොමිසමේ පොදු වාර්තාව භාවිතා කිරීම.
  • සාම්ප්‍රදායික ආදිවාසී නම් භාවිතා කරමින් ස්ථාන (ගංගා සහ උද්‍යාන වැනි) නම් කිරීමට උපකාර කිරීම
  • ප්‍රජා පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට හෝ ගොඩනැගීමට මුල් ජනතාව වෙනුවෙන් යටිතල පහසුකම් අරමුදලක් පිහිටුවීම
  • NAIDOC සතිය සහ Aboriginal Honour Roll (ආදිවාසී ගෞරව නාමාවලිය) වැනි පළමු ජනතාව සඳහා ඉසව් සහ සම්මාන පැවැත්වීම.

ගිවිසුමෙන් සිදු නොවන දේ

  • වික්ටෝරියානු හෝ මධ්‍යම රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම
  • පාර්ලිමේන්තුවේ නව මණ්ඩලයක් සෑදීම
  • බදු නීති වෙනස් කිරීම හෝ තනි ගෙවීම් ලබා දීම

එය වැදගත් වන්නේ ඇයි

ගිවිසුමේ අරමුණ වන්නේ වික්ටෝරියානුවන් එකට එක් කරමින්, ආදිවාසී ඉතිහාසය සහ ජීවන සංස්කෘතීන් තේරුම් ගැනීමට සහ ගරු කිරීමට අප සැමට උපකාර කිරීමයි.

එය කිසිවෙකුගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක් නොවේ.

එහි ඉලක්කය වන්නේ සියලුම වික්ටෝරියානුවන්ට එකම ආකාරයේ අවස්ථා තිබීම සහ එකට එක්ව වඩා හොඳ අනාගතයක් ගොඩනැගීමයි.

PDF

Victoria's Treaty Fact Sheet_Sinhalese
PDF 268.31 KB
(opens in a new window)